Tissa Jinasena Group

Translate to English

ගං වතුර හා ජල ගැලීම් ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා වූ තිස්ස ජිනසේන පදනමේ දායකත්වය

පසු ගිය දින කිහිපයේ ඇද හැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගං වතුර හා හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් අවතැන්වූවන් සඳහා සහන සැලසීම තිස්ස ජිනසේන පදනමේ සමාජ සත්කාර යටතේ 27/ 0 5 / 2017 දින සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මේ යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ජලය, ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම සිදු කරයි. මෙම සමාජ සත්කාර පහත සඳහන් ප්‍රදේශ ආවරණය කරමින් සිදු කෙරෙණ අතර තවදුරටත් සියළු අවතැන්වූවන්ගේ අවශ්‍යතා සපුරමින් ව්‍යාප්ත කරමින් පවතියි.
තිහගොඩ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශය, අකුරැස්ස ප්‍රදේශය හා ඒ අවට ඇති ප්‍රදේශය, මාතර, කඹුරුගමුව හා ආසන්න ප්‍රදේශ , බණ්ඩත්තර, නාඳුගල, වැල්ලතොට, කෝට්ටවත්ත, උක්ගොඩ සහ කැන්දවල.

 

Images: